Articles

Sri Lanka didn’t play outstanding cricket, but we didn’t get even our basics right – Rahim

September 21, 2019


අවංකවම කිව්වොත් මම පිතිකරණයේ යෙදෙන වෙලාවෙ ඒක මගෙ මනසෙ තිබුණෙම නෑ මගෙ මනස කිව්වෙ අපි ලබාගන්න ලකුණු සංඛ්‍යාව අඩුම තරමේ තරගකාරී ලකුණු සංඛ්‍යාවක් වෙන්න ඕන කියලා මම හිතුවෙ එම තණතීරුවේ ලකුණු 238 දුර්වල ලකුණු සංඛ්‍යාවක් නෙවෙයි කියලා ඒක තරගයක් ලබාදියහැකි ලකුණු සංඛ්‍යාවක් කියලයි මට හිතුනෙ සමහරවිට අපි ලකුණු 20/30ක් අඩුවෙන් ලබාගන්න ඇත්තෙ කලින්ම කඩුලු 4ක් දැවීගිය නිසා නමුත් එම තණතීරුවේ අපි හොඳ ආරම්භයක් ලබාගෙන ලකුණු 270/280ක් ලබාගන්න පුළුවන්කමක් තිබුණා නම් තරගයේ වෙනසක් සිදුවන්නට ඉඩ තිබුණා නමුත් අවසානයේ මම හිතුවා අපි පළමු පන්දු වාර 10 තුළ හොඳින් පන්දු යවනවා නම් ලකුණු 238ක් කියන්නෙ තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කියලා නමුත් අපිට එයත් කරන්න බැරිවුණා මොකද පළමු පන්දුවාර 10දි අපි පහසුවෙන් ලකුණු ලබාගන්න ඉඩ ලබාදුන නිසා ඔවුන් ලකුණු 69ක් ලබාගත්තා මොකද ඔවුන් දැනගෙන සිටියා අවසාන භාගයේ්දී මෙම තණතීරුවේ ලකුණු ලබාගන්න ගොඩක් අමාරුයි කියන දේ මම හිතනවා තරගයේ පළමු පන්දු වාර 10දි පිතිකරණයේදී මෙන්ම පන්දු යැවීමේදී ද අපිට පාඩුවක් සිදුවුණා කියලා පෙර තරගය හා සංසන්දනය කරන විට අද තණතීරුව ගොඩක් මන්දගාමී එකක් එමෙන්ම එම තණතීරුවේ තණකොළ වල තිබුණු ඇල්මැරුණු ස්වභාවය අපිට ඒ වෙලාවෙම පෙනුනා . දඟ පන්දුවට හිතකර වීමට පුළුවන් වගේම වේග පන්දුව කෙලින්ම දෝලනය කරන්න ලේසි වෙන්නත් පුළුවන් ඒක වෙනස් වෙයි කියලා හිතෙන තණතීරුවක් වගේ පෙනුනා සමහරවිට අපි ලකුණු 260/270ක් ලබාගත්තා නම් ඒක ලොකු තරගකාරී ලකුණු සංඛ්‍යාවක් වීමට පුළුවන්කමක් තිබුණා කියලා අපි දැනගෙන හිටියා පෙර තරගයෙ වගේම ලකුණු 300ක් ලබාගන්න තිබුණා අපි ඇත්තටම පළමු පන්දුවාර 10-15දි හරියට පිතිකරණයේ නියැලුනේ නෑ ඒක අපිට ලොකු පාඩුවක් වුණා මොකද කියනවා නම් හොඳ තණතීරුවක අපි අද තීරණාත්මක කිසියේ වාසියත් ජයග්‍රහණය කළා මේ වගේ තණතීරුවක අපිට හොඳින් පිතිකරණයේ යෙදෙන්න තිබුණා. ඒක ඇත්තටම අපිට විශාල වශයෙන් බලපෑවා . අවංකවම කිව්වොත් ඒක ආබාධයක් නෙවෙයි. ඒක කෙණ්ඩා පෙරළීමක් නමුත් මම ක්‍රීඩාගාරයට ආවට පස්සෙ මට පන්දු රැකීමට යන්න අවශ්‍ය වෙලා තිබුණා එහෙත් සම්පූර්යෙන්ම කෙණ්ඩා පෙරළී තිබුණූ නිසා මට අවසානයෙදි ලෙහෙසි වෙන්නෙ නෑ පන්දු වාර 100ක්ම රාජකාරිය කිරීමට තරම් ශාරීරික යෝග්‍යතාවයක් තිබුණෙ නෑ. දෙවියන්ගේ නාමයෙන් අවසානයේදි මම බලාපෙරොත්තු වෙනවා මගේ ශාරීරික යෝග්‍යතාවය තවත් වැඩිදියුණු කරගන්න එවිට මට තවත් හොඳින් පිතිකරණයෙන් මෙන්ම කඩුලු රැකීමෙන් දායකත්වය ලබාදෙන්න පුළුවන් ඔව් ඇත්තටම මම කණගාටුවෙනවා ඔබ අපගේ පසුගිය වසර 5/6 තුළ දත්ත පරික්ෂා කරලා බැලුවහොත් අපි එම කාලය තුල ඉතා ඉහළින්ම දස්කම් දැක්වූවා අපිට ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 7ට එන්න පුළුවන්කමක් ලැබුණෙත් ඒ නිසයි. ඒකෙන් පෙනෙනවා අපි පසුගිය වසර 4/5 තුළ කොයිතරම් හොඳද කියන එක නමුත් දිගින් දිගටම හොඳට ක‍ළේ නැත්නම් හොඳ නෑ, එහෙත් ඔබ කියපු විදිහට ඒක ගොඩක් අමාරු දෙයක් මූලික දේවල් හොඳින් කරන එක ඉතාමත් වැදගත් ජය පරාජය කෙසේවෙතත් ඒක හොඳ ප්‍රතිඵලයක් නමුත් මම හැමවෙලාවෙම මේ ක්‍රියාවලිය දෙස බලාගෙන ඉන්නෙ පන්දුවෙන්වත්, පිත්තෙන්වත්, පන්දු රැකීමේදීවත් අපි හොඳට කළේ නෑ ශ්‍රී ලංකාව කණ්ඩායම අපිට වඩා හොඳට කළා ඔවුන් අති විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක් කළේ නෑ, නමුත් ඔවුන් සාමාන්‍ය ක්‍රිකට් ඉතා හොඳින් ක්‍රීඩා කළා. අපි ඒක කළේ නෑ අවසාන තරග දෙකෙන් ඉගෙන ගැනීමට තිබෙන ප්‍රධානතම දේවල් ඒවා තව එක් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා අප නියෝජනය කරන්නෙ අපගේ රට දෙවියන්ගේ නාමයෙන් අපි මීළඟ තරගය ජයගැනීමට උත්සාහ කරනවා එමෙන්ම මවුරටේදී තිබෙන මීලඟ තරගාවලි වලට එය ශක්තියක් කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *